අම්මා! මුලදි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොං බෞද්ධයෙක්!! 😂 සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ පිළිම - ගස් - චයිත්ය වන්දනා කොරන්න හදල දීල තියන කුණුහරුප කවි සින්දු ඔක්කොම කට පාඩම්!! 'වන්දනා' කොරනව වරු ගණන්!! පොඩිකාලෙ අපිවත් පන්සල් දක්කන් ගොහිං වන්දලා තියනව පැලෙන්න!! හැබැයි 'ධර්මය' නම් මෙලෝ මළහත්ඉලව්වක් දැනන් හිටිය කෙනෙක් නෙවෙයි!!! එයා සත්තුන්ට හරි කරුණාවයි!! හැබැයි මිනිස්සුන්ට අකරුණාවයි!! 🤣 ඇත්තටම එකට වසන්න අමාරු චරිතයක්, එයා වගේ - එයාගෙ අම්ම (ආච්චි) වගේ අනුන්ගෙ ඕපාදූප කියෝ කියෝ - අනුන්ට බැන බැන ඉන්න ප්‍රිය කරන, එයාලගෙ පුරාජේරුව අහගෙන එයාලට ලකුණු දීගෙන ඉන්න කැමති උදවියට හැරෙන්න!! 😁 තාත්ත කණ කට පියාගෙන මාර balance කිරිල්ලක් කළේ ඇත්තටම!!! ඉස්සර ගෙදර වළි හැමතිස්සෙම!! මව ආරූඪ වෙච්ච ගමන්!! 🤣🤣 කණක් ඇහිල ඉන්න නෑ, මාළු කඩේ පරාදයි!!! 😞😞 මාර මෝඩ - කුම්මැහි - මලපෙරේත (හැමදේම ඉතුරු කරන - පරිස්සම් කරන - හිඟන්නෙකුට වත් දෙයක් දෙන්න කැමති නැති) චරිතයක්!! පොඩ්ඩ බැරිවෙච්ච ගමන් අසූ හාරදාහටම තදවෙලා.. මල පැනලා.. තොර තෝන්චියක් නැතුව පලු යන්න බණිනව ඕනෙම එකෙකුට!! ඒ හන්ද වටේ පිටේ අයත් අපේ ගෙදර එක්ක එච්චර ආශ්‍රයක් තිබ්බෙ නෑ!!! දැනුම් තේරුම් ඇති කාලෙට ආවයින් පස්සෙ නම් අම්ම මට දිරෙව්වෙම නැති චරිතයක්!! මාව ආශ්‍රය කරපු මට හිතවත් එවුන්ට අනං මනං කියල මාත් යකා නැගල එයාට බැනල තියනව!! බොට මහ කක්කුස්සි කටක් තියෙන්නෙ කියල මූණටම කියල තියනව!! තාත්ත මී හරකෙක් වගේ ඔක්කොම කාගෙන ඉවසගෙන හිටපු එකට මං තාත්තටත් බැනල තියනව!! මං බොහොම silence - අයිනක් අල්ලගෙන ඉන්න චරිතයක් වෙලත් අම්ම මගෙන් එක්කත් එල්ලි එල්ලී වළියට ආව වෙලාවක මටත් අසූහාරදාහටම තදවෙලා ඔක්කොටම හරියන්න නෙලන්න ගියපු අවස්ථාවකුත් තියනව!!! 😁😄 (හැබැයි නෙලුවෙ නෑ!!!! තාත්තට කිව්ව "මෙයාව එහාට ගෙනියන්න!! නැත්නම් මං මොනව කරයිද දන්නෙ නෑ!!" කියල. එතකොට තාත්ත එයාට සද්දෙ දාල පැත්තකට කළා!!! 😌😌) පස්සෙ පස්සෙ නම් අම්ම සෑහෙන silence උනා!! වැඩියත්ම දූල දෙන්න එයාව පරද්දලා cup එක ගත්තු නිසා!!! 🤣🤣 හැබැයි එයාගෙ ගතිගුණ නම් ඒත් වෙනස් උනේ නෑ!!! ඔය මොනදේ මොනවා උනත් මං පොඩිම කාලෙ (අවු. 5-6 කාලෙ) අළුත් අවුරුද්දට කෝච්චියෙන් ගමේ යනකොට රේල්පාර අයිනෙ ඉඳන් ආතල් එකට කෝච්චියට ගල් ගගහ හිටපු ගොබ්බයො වගයක් ගහපු ගලක් මගේ නළලෙ වැදිලා අම්ම අඬ අඬා අතගාපු සීන් එකක් හන්දයි... තව ඉස්කෝලෙ 7-8 ඉන්න කාලෙ මරුමුස් ගුරෙක් උගේ මොකද්ද කේන්තියක් පිරිමහගන්න මට දඩ බඩ ගාලා විසි තිස් පාරක් නෙළලා, ඇහැක් ඉදිමිලා පේන්නෙත් නැතිවෙන්න පාරක් වැදිලා, එදා රෑත් අම්ම ළඟට ඇවිල්ල අඬ අඬා අතගගා හිටපු සීන් එකක් හන්දයි... අම්ම මට කොච්චර ආදරේද කියල නම් මං හොඳටම දැනගෙන හිටියා!!! {අම්ම දන්නෙ නෑ දෙවැනි සීන් එකේදි මං අවදියෙන් හිටිය බව!! මං නිදි වගේ හිටියෙ. අරූ මං වැටෙනකං ද කොහෙද ගැහුවෙ. ඒත් මං වැටුනෙ නෑ, stability maintain කරගෙන හිටිය!! ඉතිං ඒ යකා උඩ පැන පැන මුළු ඇඟේම දහිරිය දාල.. අල්ල පුරෝල.. අත් දෙකෙන් මාරුවෙන් මාරුවට මගේ මූණටම කෙළිය!!! මට ඌරු කේන්තියි!! වෙන එකෙක් උනා නම් ඩෙස්ක් එකක් පුටුවක් උස්සල අරං ගහනව ඌට එතනම මැරිල වැටෙන්න!!! මං ඒම නැති අහිංසක පොරක් උනත් කේන්තියටයි shock එකටයි මට එදා නින්ද ගියේ නෑ!!} ඒ වගේම අම්ම අනික් අය සල්ලි ඉල්ලුවම කොච්චර් සද්දෙ දැම්මත් මං කීයක් හරි ඉල්ලපු ගමන් ඩෝං ගාල දුන්නා!!! මං මගේ පළවෙනි කොම්පීටරේ අටවගත්තෙත් අම්ම pension ගියපු ගමන් මට කුට්ටිය පිටින් ගෙනත් දීපු 60කින් තමයි!!! ඔන්න ඕවා නිසා මං අම්මගෙ බලුගති ඔක්කොම අල්ලල දාලා එයත් එක්ක full shape එකේ හිටියා!!! පස්සෙ ඉතිං මං ධර්මයට සෙට්වුණාට පස්සෙ අම්මයි තාත්තයි දෙන්නටත් අපේ හාමුදුරුවොන්ගේ පොත් ගෙනිහින් දුන්නා!! තාත්ත කියවනව දැක්කා. අම්ම නෑ!!! මං මහ රෑ වෙනකම් අපේ හාමුදුරුවොන්ගේ දේශණාවල් හෙණ සද්දෙන් දාගෙන හිටියා!!! තාත්ත අහ අහ හිටියා. අම්ම දොයි!! 😂😂 ඊළඟට මං ලියන්න ගත්තට පස්සෙ ඒ ලියපුවා ප්‍රින්ට් කරලත් ඒ දෙන්නට බලන්න ගෙනිහින් දුන්නා. තාත්ත කියවනව දැක්කා. අම්ම "මොකද්ද යකෝ තෝ මේ හාමුදුරුවරුන්ට කතාකරන විදිය?? තෝ ඔහොම කතාකරල තොට යන්න වෙනම අපායක් හදන්න වෙයි!!" කියල එහෙමනං කිව්වා!!! 😂😂 🤣🤣 ඊළඟට කතාකරන්න ඉඩක් ලැබිච්ච හැම වෙලාවෙම මං ඒ ගොල්ලොන්ට ධර්මය තෝරලා දෙන්නත් කටයුතු කළා. තාත්ත අහගෙන හිටියා. අම්ම ඈනුම් ඇර ඇර ඉන්නව - පස්සෙ ගොරවනවා දැක්කා!!! 😂😂😂 අනික අපේ ගෙවල්වල එහෙමට ධර්මය කතාබහ කරන්න පුළුවන් තත්වයක් තිබුණෙත් නෑ!!! අම්මල දුල සෙට් උනාම උන්දල තරම් රට ගැන - ලෝකෙ ගැන - හැමදේම ගැන දන්න වෙන එවුන් ලොවෙත් නෑ!!!! 🙃🙃 (එව්ව අහං ඉන්නකොට මටත් මල පනිනව. 😅😅) එක්කො උන් උන් මරාගන්නව. නැත්නම් කස්ටියම TV එකේ!!! 😄😄 කොහොමහරි තාත්ත නම් උදේ පාන්දරින්ම නැගිටින නිසා මං උදේ රෙදි මදින්න අල්ලගන්න වෙලාවල එයා එක්ක කතාකරන්න නම් ඕනෙ හැටිය ඉඩකඩ ලැබුණා!! උදේම රේඩියෝ එක දාගත්තම ඒකෙ වැඩි හරියක්ම ගියේ කාලකණ්නි ගොං සංඝයන්ගේ ගොං කතා!!! මං ඒ ගොං කතා අහුවෙච්ච අහුවෙච්ච තැන බුද්ධ දේශණාවල් එක්ක ගළපලා ඒවයි හරි වැරදි පෙන්නලා තාත්තව ගාණට හරි පාරට ගෙනාවා!!! පස්සෙ පස්සෙ නම් මට තිබුනෙ එයාව රහත් කරන්න බැරිකම විතරයි!!! ඒ 'චුට්ට' ඇරෙන්න මං එයාව අවබෝධයෙන් සංතෘප්ත කරලම දැම්මා!!! ☺️ 😌😌 අම්ම සම්බන්ධයෙන් මට තිබුණු එකම අවුළ එයාව ලේසියෙන් කතාවට අල්ලගන්න බැරි කමයි, එයාගෙ කිසි උවමණාවක් උනන්දුවක් නැතිකමයි, අනික මං කාලකණ්නි ගොං සංඝයන්ට බණිනකොට එයා කුපිත වෙන එකයි තමයි!!! 😂 😔😔 මගේ 'ධර්ම යාළුවා' අජිත් "තාත්තව නම් මොකක්හරි කරගන්න පුළුවන් වෙයි!! අම්මව නම් හරියයිද දන්නෙ නෑ!!" කියලා කළින්ම කියලත් තිබුණා!!! පස්සෙ ඉතිං තාත්ත නැතිවුණා නේ.... ඒකෙ සම්පූර්ණ කතාව මං ලියල දාල තියනව. තාත්ත 'බාගෙට මැරිච්ච' තත්වයෙන් ICU එකේ ඉන්න ගමන් එහෙම්මම අරහත්වයට පත්වෙලා පිරිණිවන් පෑවා!!!! 'අපේ කස්ටිය' මට ඒක දැනගන්න සලස්වපු හැටිත් මං කියල ඇති. 😌😌 කොහොමහරි තාත්ත නැතිවුණාට පස්සෙ මං දෙවි පිරිසටත් කියලා අම්මවවත් කොහොමහරි ගොඩ දානවාමයි!!!! කියලා හිතාගත්තා. අම්මයි තාත්තයි හිටියෙ වෙනම කාමරේක. දැන් තාත්ත නැති නිසා අම්ම තනිවෙනවා. ඒක හරි නෑ!! ඉතිං මුළින්ම මායි දූයි දෙන්නත් අම්ම එක්ක ඒ කාමරේට සෙට්වුණා. එතන ඉඳලා අම්ම තාත්ත නැති එක ගැන කියව කියවා දුක්වෙන වෙලාවට "මේ තමයි ඉතිං අපේ ජීවිතවල හැටි!! මේ වෙද්දි ඔහොම තමන්ගෙ අය කොච්චර නැතිවෙලා තියනවද?? මේ අපිත් කවදහරි නැතිවෙනව නේ.." කිය කියා මං එයාගෙ හිත හැදුවා!!! තාත්ත ගැන කියව කියවා දුක්වෙනකොට "තාත්ත රහත්වෙච්ච කෙනෙක්!! එයා පිරිණිවන් පෑවා!! එයාගෙ ඔක්කොම සර්ව සම්පූර්ණයි!! එයා ගැන චුට්ටක් වත් දුක්වෙන්න දෙයක් නෑ!! දැන් ඔයත් ඒ විදියට රහත්වෙලා පිරිණිවන් පාන්න ඕනෙ!! වෙන්න ඕනෙ ඒකයි!!" කිය කියා කිව්වා!!! ඒත් එයාම දන්නව නේ තාත්තගෙ හැටියි එයාගෙ හැටියි ගැන?? 😁 ඒ ගැන මතක්වෙලා upset වෙච්චහමද කොහෙද අම්ම කිහිප සැරයක්ම "දැන් අපිටත් එහෙම රහත්වෙන්න පුළුවන් ද?? නිවන් දකින්න පුළුවන් ද??" කියලත් ඇහුවා!! මං ඒ වෙලාවල "හැමෝටම රහත්වෙන්න පුළුවන්!! ඕනෙම කෙනෙකුට රහත්වෙලා පිරිණිවන් පාන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝම කියල තියනවා!! මං කොහොමහරි ඔයාටත් රහත්වෙන්න කියල දෙන්නනංකෝ." කිය කියා කිව්වා!! ඒත් ඉතිං අම්ම අහල කියවලා තිබුනෙම කාලකණ්නි ගොං සංඝයන්ගෙ ගොං කතා - කුණුහරුප කතා විතරයි!!! තාත්ත ඇරෙන්න එයාගෙ වටේ හිටපු එවුන් ඔක්කොමත් එසේමයි!!! අනික හෙණ set එකක් ඒ වෙනකොටත් මැරිලා!! ඉතිං කොච්චර උනත් එයාට හිතට බයයි නේ?? 😔😔 එහෙම වෙලාවට එයා "අනේ ඉතිං කවුද දන්නෙ අපිට මොනව වෙයිද?? කොහේ යන්න වෙයිද?? කියලා" කිය කියා කිව්වා!!! සමහර වෙලාවට "මැරෙන්න නම් බයක් නෑ!! බය ඊට පස්සෙ මොකක් වෙයිද?? කොහේ යන්න වෙයිද?? කියල තමයි!!" කියලත් කිව්වා. මං කවුරුවත් එහෙම අසරණ වෙනවට කැමතිත් නෑ!!!! අසරණ වෙන්න දෙන්නෙත් නෑ!!!! ඉතිං මං ඒ වෙලාවට "අම්ම දන්නව නේ දැන් මං කවුද කියලා?? මං තනියමත් නෙවෙයි!! 'අපි' කට්ටියක්ම ඉන්නවා!! මුළු ලෝකෙම එවුන්ව ගොඩ දාන්න try කරන 'අපි' ඔයාව එහෙම අතහැරල දානවද??" කියලා ඇහුවා!!! (අම්මට මාව බුදු sure!!! දන්නව කිව්වොත් කිව්වම තමයි!! නවත්තන්නෙ කරලම තමයි!! කියල. 😌😌) පස්සෙ පස්සෙ අවුරුදු 2-3 යනකොට අම්ම එහෙම්පිටින්ම වෙනස්වුණා!!! රෑට දූයි මායි ධර්මයට සම්බන්ධ දේවල් කතාවෙන ඒවා අම්ම උවමණාවෙන් අහගෙන හිටියා!! එයාට ප්‍රශ්ණ ඇතිවුණාම ඇහුවා!! මාත් එහෙම වෙලාවට එකින් එකට ඔක්කොම තෝරලා දුන්නා!!! එයා ගාණට ධර්මයට set වුණා!!!! පස්සෙ පස්සෙ මං ගොං සංඝයන්ට බැන්නට එයා අවුල් උනෙත් නෑ!!!! ඒ වෙණුවට "එහෙමම කියන්න එපා නේ.. පව් නේ.. එයාලට තේරිලා නැති නිසා නේ.." එහෙම කිව්වා!!! මං ඒ වෙලාවට "මටත් උන් එක්ක තරහක් නැහැ අනේ. කේන්තිය උන් හන්ද අනික් මිනිස්සු අනාත වෙන එක ගැන විතරයි!! මං බලන්නෙ උන්ටත් හරියට වැඩේ අල්ලලා දෙන්න තමයි!!" කියලා කිව්වා. එතකොට අම්ම හරියට සතුටු උනා!!! අම්ම මාත් එක්ක හිටිය අන්තිම කාලෙ දවසක් "දැන් අපි තව කෙනෙකුට කියල දෙනව නම් එහෙම කියන්නත් ඕනෙ කොහොමද??" කියලත් ඇහුවා!!! 😉 🙂🙂 මං ඒ ගමන "දැන් අම්ම දන්නව නේ ඉතිං වෙලා තියෙන්නෙ මොකද්ද?? මේ වෙවී තියෙන්නෙ මොකද්ද?? මැරෙනකොට වෙන්නෙ මොකද්ද?? ඔක්කොම!! ඉතිං ඒක අනික් අයටත් එයාලට තේරෙන විදියට කියල දෙන්න" කියලා කිව්වා!!! 😌😌 ඊටත් පස්සෙ දවසක්, මං මේ කතාවෙ ඇත්ත danger එක ඔක්කොම තේරිලා.. දැන් මේ වැඩේ යන්නෙ තනිකරම මං(අපි) හන්ද බව හොඳටම දැනගෙන.. ඔක්කොම ඉවර වුණායින් පස්සෙ කාලෙක, මං අම්මත් එක්ක මොකක් හරි ගැන කතාවෙච්ච තැනකදි "මේක මේ අහම්බෙන් සිද්ධවෙච්ච - ඉබේ සිද්ධවෙච්ච දෙයක් නෙවෙයි!! මේ හෙණ කට්ටියක් සෙට්වෙලා.. හෙණ කට්ටක් කාලා.. හෙණ අමාරුවෙන් කරගෙන ඇවිල්ල තියන වැඩක්!! දැක්ක නේ ඒ ඇවිල්ලත් ඉපදෙන්න හදනකොටම මාව මරල දාන්න දීපු try එක??" කියලා කිව්වා!!! එතකොටම අම්මා "එහෙනං ඉතිං මාත් ඔහෙලගෙ වැඩේට සම්බන්ධ කෙනෙක් නේ!! මං තමයි කොල්ලෙක් නම් හදාගන්න ඕනෙ කියලා ඒක නැවැත්තුවේ!!" කියලා මාර විදියට සතුටු උනා!!!! 😌😌 මටත් හෙණ happy!!! මං ඉතිං එවෙලෙම "අනිවා!! ඔහෙට ඒ credits කුට්ටිය පිටින්ම ලැබෙනවා!!! යෝධ පිණක්!!!" කියලා කිව්වා!! 😌😌 කොහොමහරි ඊටපස්සෙ මස්සිනා අළුතෙන් හදපු ගෙදරට අම්ම එයාලත් එක්ක පදිංචියට ගියා!! මායි දූයි ගිය සිංහළ අළුත් අවුරුද්දට ගිහිං අම්මව බලලා ආවා!! මං ආයිම අම්ම බලන්න යන්න හිටියේ මේ සිංහල අළුත් අවුරුද්දට තමයි!!! ගිය සැප්තැම්බර් 15 අම්මගෙ උපන්දිනේ දවසේ මං එයාට කතාකරලා සුබ පැතුවා!! "කොහොමද? අඳුනනවද?" කියල ඇහුවම අම්මා "මොකෝ පුතාව අඳුනගන්න බැරි??" කියලත් ඇහුවා!! එයා හොඳ fit එකේ ඉන්න බව හොඳටම තේරුණා!!! ඒත් පස්සෙ දවසක් අක්කණ්ඩි කතාකරලා "අම්මට හොඳටම අමාරුයි!! ඇඳේ ඉන්නෙ!! අපි තමයි ඔක්කොම කරන්නෙ." අනං මනං වගයක් කිව්වා!!! මං එච්චර care කළෙත් නෑ!! බලන්නවත් යන්න හිතුණෙත් නෑ!!! පස්සෙ නොවෙම්බර් 15 උදේ මස්සිනා කතාකරලා "අම්ම නැතිවුණා!!" කිව්වා. 😑😑 එදා රෑ නම් අපි කට්ටියම එහෙ ගියා. 'අම්ම එක පාරටම ඇඳට වැටුණා.. කන්නෙ බොන්නෙත් නැතුව ගියා.. හොඳටම අමාරු උනා..' කියලා දැනගන්නත් ලැබුණා!! පස්සෙ ඉතිං ඒ මරණෙ වැඩ කටයුතුත් ඉවරවුණා. ඒ ටිකේ FB පකයි මාව block කොරල තිබ්බ නිසා මං මේ පැත්තෙ ආවෙ වත් නෑ!! --- තාත්ත මැරෙද්දි මං දැනගෙන හිටිය තරමයි අම්ම මැරෙද්දි දැනගෙන හිටපු දේවලුයි අම්බානට වෙනස්!!!! මුළින්ම නම් නිවන් යන්න තියෙන්නෙ අවබෝධෙන්ය කියලා හිතං හිටියට.. අනික් උන්දලා දැනටත් එහෙම හිතං හිටියට.. 😂😂 😅 මේක එහෙම මරාලයක් නෙවෙයි!!!!! සංසාරගත සත්වයන් නිවන් යන / පිරිණිවන් පාන එක තනිකරම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් කෙරෙන දෙයක්!!!!!! එහෙම සම්මාසම්බුදු බුදු කෙනෙකුගේ උපකාරය නැතුව පිරිණිවන්පාන්න පුළුවන් පසේ බුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!!!! දැන් මං(අපි) එව්ව ඔක්කොම තිතටම දැනගෙන.. දැන් වැඩේ කෙරෙන්නෙ 'අපේ' පිහිටෙන්ය කියන බවත් හොඳටම දැනගෙන.. ඉන්න එකේ, මට අම්මගෙ ගැන කිසීම බයක් - සැකයක් තිබුණේ නෑ!!!!!! ඒත් දන්නෙ නැද්ද ඉතිං... 😁 තාත්තගෙ එකේදි වගේ අම්මගෙ එකේදිත් 'අර ගොල්ලොන්ගෙන්' මොනවහරි දැනගන්න හම්බවෙයි කියලා ටික දවසක් බලං හිටියා!!!!! (උන්දලට ඒ ඔක්කොම දඩෝරියන් ගාල sense වෙනව!!!!) හැබැයි එහෙම කිසිම දෙයක් දැනගන්න ලැබුණේ නෑ!!!! ඒ වෙණුවට දවස් දෙක තුනක් යනකම් "ඒ උඹේ කවුද??" කිය කියා හිතේ ring උනා!!!!! පස්සෙ පස්සෙ උන්දලගෙන් එහෙම අහපු එක ගැනත් විලි ලැජ්ජ හිතුණා!!!! 😌😌 යකුණේ ඒ මගේ අම්ම!!! So NO alternatives!!!!!! 'නිවන්' Only!!!!!! තව මාරම මාර case එකකුත් ගිය ඔක්තෝබර් අන්තිම හරියෙ ඉඳලා අම්ම නැතිවෙනකම් කාලෙ ඇතුළෙදි සිද්ධවුණා!!! ඒ වෙනකොටත් අම්බානට ණය වෙලා නන්න වෙලා ඉන්න අතරෙදි බර කාලයක් තිස්සෙ මං හෙණ ආසාවෙන් හිටපු Intel DX79SR Motherboard එකක් I7 CPU & 16GB RAMs ඔක්කොමත් එක්ක 2nd hand Kit එකක් අහම්බෙන් දැකලා අරගෙන, major PC upgrade එකකට ගියා!!! 'ගියා' නෙවෙයි, ඉබේම යැවුනා කිව්වොත් තමයි හරි!!!! හෙණ කාලෙකින් පස්සෙ 23rd Oct. එක පාරටම eBay යන්න හිතුණා. ගියපු ගමන් පේන්න තිබුනෙ ඒ kit එක. ඒක eBay එකට දාල තිබුණෙත් එදා, 23rd. (දැක්කෙ එදාම වගේ. ඒත් පස්සෙ බැලුවම Sep. 23rd. 😄) ආයි මොනවද?? ගන්නකම්ම නින්දගියේ නෑ!!!! 😁😁 ඉතිං ගත්තා. තිබුණු computer එකට අළුතෙන්ම ගත්තු professional Antec Casing එකකුත් ළඟ තිබුණ. පස්සෙ අළුතෙන්ම Power Supply & VGA එහෙමත් අරගෙන වෙනම machine එකක්ම හැදුවා!!! ☺️☺️ බර ගාණක් අළුතෙන් ණයත් උනා!!! 😔😔 ඒත් ඒ වැඩේ හන්ද මට සුමානයක් දෙකක් යනකම් 'වෙනම ලෝකෙක' ඉන්න ලැබුණා!!! හදපු එකත් 'ගින්දර' වගේ වැඩ!!! ඉතිං ඒ හන්ද ඒ ටිකේ full 'happy' එකෙන් ගතවෙලා, මගේ mentality එක මාර විදියට develop - stable උනා!!!! 😌😌 උඹලට මේක මගේ 'මෝඩ චූන්' එකක්ය කියල හිතෙයි. එහෙම පෙනෙයි. ඒ ඉතිං උඹල තාම 'යටින් යන කතන්දරේ' නොදන්න නිසයි!!!! මට හිතේ fit එකෙන් - සංතෝසෙන් ඉන්න වාසනාවක් නැහැ බොළල්ල!!! 😞😞 ඒකට අත්‍යවශ්‍යම දේ, මගේ perfect match එක.. life partner.. මට ලැබුණේ නෑ!!! මං ඉන්නෙ මාරම දුකෙන්!!!! 😥😥 එහෙං මං ගම්මානෙකට ණයයි!!! මට සල්ලි දෙන්න තියන එවුන් දෙන්නෙ නෑ!!! කතා කළාට answer කරන්නෙත් නෑ!!! ප්‍රශ්ණ ගොඩයි. අන්න එහෙම හැමදාම fed-up වෙලා තියන මගේ mentality එක අම්මට අවශ්‍ය වෙලාවෙදි fully UP කරලා තියාගන්න, 'අරගොල්ලොන්ගේ' plan එකක් වැඩ කරලා!!!! 😌😌 දැන් ඉතිං ඒ හදපු අළුත් PC එකෙන්ම අර Audio-Visual Explanation එකත් කෙරීගෙන යනව!!! 🙂🙂 Video එක. මං හිතන්නෙ තව ටික දවසකින් ලෝකෙම වෙනස්වෙන්න පටන්ගනී!!!! 😌😌😌 ඒ ගැන සමහරක් signs මගේ ඔලුවට වැටුණේ මීට බර කාලෙකට කළින්.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.